දයාබර ගුරු පියානෙනි
ඔබතුමා විසින් අපට පංති කාමරය තුලදී විෂය කරුනු වලට අමතරව අපගේ ජීවිතය ගැන සහ අනන්තවත් මාතෘකා යටතේ අපිට දැනුම ලබා දුන්නා
ඒ වගේම ඔබතුමා කියපු ඇතැම් බලවේග ගැන කතාවල ඇත්ත නැත්ත මමත් අත්විදල තියෙනව,
මේකත් ටිකක් ඒ වගෙ දෙයක් ඔබ තුමා මිනී මල් ගැන ලිපියක් ලියල සදහටම අප අතරින් වෙන් උනා
ඔබ තුමාගෙන් කෙටි කාලයකට හෝ ඉගෙන ගැනීමට තරම් අප වාසනාවන්ත උනා , මගෙ අවුරුදු 18 ක ජීවිතයේ මම දැකපු දක්ෂම වගේම සාර්තකම ගුරුවරයත් ඔබ .( මේක අතිශයෝක්තියක් කියල හිතන්න එපා )
ඔබ තුමා අප අතරින් වෙන් උනත් ඔබගේ මතකයන් හැමදාම අප අතර රැදී තියෙනව.
ඔබ තුමා අවසානයටම උගන්වනු ලැබු ඕපන් ආර්ක් හි BIT සිසුකැල වෙනුවෙන් ඔබ තුමාට නිවන්සුව පතමු













0 comments:
Post a Comment