Monday, July 26, 2010

ගුරුතුමානෙනි ඔබට නිවන් සුව

0 comments
අප අතරින් වෙන්වූ කුමුදු පින්ටො ගුරුතුමාට උපහාරයක් වේවා





දයාබර ගුරු පියානෙනි

ඔබතුමා විසින් අපට පංති කාමරය තුලදී විෂය කරුනු වලට අමතරව අපගේ ජීවිතය ගැන සහ අනන්තවත් මාතෘකා යටතේ අපිට දැනුම ලබා දුන්නා

ඒ වගේම ඔබතුමා කියපු ඇතැම් බලවේග ගැන කතාවල ඇත්ත නැත්ත මමත් අත්විදල තියෙනව,

මේකත් ටිකක් ඒ වගෙ දෙයක් ඔබ තුමා මිනී මල් ගැන ලිපියක් ලියල සදහටම අප අතරින් වෙන් උනා


 


ඔබ තුමාගෙන් කෙටි කාලයකට හෝ ඉගෙන ගැනීමට තරම් අප වාසනාවන්ත උනා , මගෙ අවුරුදු 18 ක ජීවිතයේ මම දැකපු දක්ෂම වගේම සාර්තකම ගුරුවරයත් ඔබ .( මේක අතිශයෝක්තියක් කියල හිතන්න එපා )

ඔබ තුමා අප අතරින් වෙන් උනත් ඔබගේ මතකයන් හැමදාම අප අතර රැදී තියෙනව.

ඔබ තුමා අවසානයටම උගන්වනු ලැබු ඕපන් ආර්ක් හි BIT සිසුකැල වෙනුවෙන් ඔබ තුමාට නිවන්සුව පතමු

Saturday, July 24, 2010

PTC ප්‍රෝඩාව

0 comments
ගොඩාක් දෙනා online money හොයන්න කැමතියිනෙ නේද....? මමත් internet connection ගත්ත මුල්ම දවස් වල පණ දාගෙන එක එක පිස්සු විකාර කරා...

මොනවා උනත් නිකන් ඉඳගෙන සල්ලි හොයන්න පුලුවන්නම් ඉතින් තව මොනාද කියලනේ හිතෙන්නේ...


ඒත් මම කරපු එකක්වත් හරි ගියේනම් නැහැ...දැන්නම් අතහැරලා දාලා ඉන්නේ...

ඒ උනාට online money හොයන අය ගොඩාක් දෙනා ඔයගොල්ලො අතරෙ ඉන්න බව මම දන්නවා...ඒත් ඒ නිකන් බලන් ඉඳලනම් වෙන්න බැහැ නේද...?
ගොඩාක් මහන්සි වෙලා තමයි එහෙම කරනවා ඇත්තේ...

මම මේ කියන්න යන්නේ online money හොයන හැටි ගැනනම් නෙමෙයි...ඒ ගැන මම මෙලෝ දෙයක් දන්නේ නැහැ...

ඒත් internet වලට ආගන්තුක සමහර අය නොදැනුවත්කම නිසා නිකන් ඉඳන් සල්ලි හොයන්න කරන බොරු වැඩ අතරෙන් ප්‍රධානම එකක් ගැන මට තියෙන අත්දැකීම් බෙදාගන්නයි මම හදන්නේ...

නමුත් මම මේ කියන දෙයට ගොඩාක් දෙනෙක් එකඟ නොවෙන්න පුලුවනි...මොකද මම මේ කියන්න හදන දේ ගොඩාක් දෙනෙක් අදහනවා...

ඔන්න මම එහෙනම් පටන් ගන්නව හොඳද...

මම කියන්න යන්නේ Paid to Click කියන concept එක ගැන...[PTC]
(Ads click කරලා සල්ලි හොයන්නේ...)

මගේ කතා නායකයා තමයි NEOBUX...

Neobux කිව්වම ඕනි කෙනෙක් දන්නවා නේද...? හැමෝම විශ්වාස කරන්නේ මේක PTC ලෝකයේ රජ්ජුරුවෝ හැටියට...
අනික් PTC web sites සේරම scam කිව්වත් Neobux එහෙම නැහැ කියලා තමයි ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ...

ඇත්තටම මේක scam එකක් කියලා කියන්නත් බැහැ එක අතකට...මොකද මේගොල්ලො ගානට නූලට instantly pay කරනවා...

ඒත් මම කියන්න යන්නෙනම් ඒ ගැන නෙමෙයි...
මම දන්න තරමින්නම් Neobux එයාලගේ members ලව ලස්සනට අන්දගෙන ඉන්නේ...

මම ඒකෙ member කෙනෙක් උනේ 2009 October...Member කෙනෙක් වෙලා මම මුලින්ම referrals ලා 20ක් rent කරා...

November වෙනකොට මම $90 ගෙවලා Gold Member කෙනෙක් උනා...

ඊට පස්සේ තව සල්ලි ගෙවලා referrals ලත් 100 rent කරා...
ඔයගොල්ලො දන්නවා ඇතිනෙ ඒකෙ ads 4යි දවසට හම්බ වෙන්නේ...

Gold membership ගන්න කලින් මගේ daily referral click average 1.5 - 2.5 වගේ තිබුනා...
(මම මුලින් හිතන් හිටියේ 4 ක් එයි කියලා...Web site එකෙත් ඒ දවස් වල income calculate කරලා තිබුනේ average 4ක් දාලා...)

Gold membership ගත්තට පස්සේ ඒක 1.0 වගේ බැස්සා...මම ලැබුන earnings වලින් referrals ලා ගාන 300 දක්වා වැඩි කරගත්තා...

ඊටපස්සේ averages 0.7 - 0.8 වගේ ගානට බැස්සා...

ලැබුන earnings සේරම ගියේ referrals ලා recycle කරන්නයි renew කරන්නයි විතරයි...
මාසෙකට $2 ක් වත් ආදායමක් ලැබුනේ නැහැ...

මේකෙ තියෙන ලොකුම වංචාව තමයි rented referrals ලා...Referrals rent නොකර මේකෙන් හම්බ කරන්න බැහැ...

ඒත් උන් පුදුමාකාර විදියට තමයි click කරන්නේ...දවසට ads 4ක් click කරන්න ඕනි උනත් එන්නෙ 0.7 - 0.8 averages...
ඒත් දවස ගානේ recycle කරොත් විතරයි...නැත්තන් ඉතින් බඩුම තමයි...

(ඒ උනාට මටනම් තාමත් තෙරුම් ගන්න බැහැ මිනිහෙක් මොකටද සතියකට සැරයක් හෝ දෙසැරයක් web site එකකට log වෙලා ads 4කින් 3ක් විතරක් click කරලා ආපහු යන්නේ කියලා...)

ඒකෙ Admin Portuguese එක්කෙනෙක්...මිනිහා referral click behaviours ගැන මාර පොර talks දීල posts දානවා...
මිනිස්සුන්ගේ ජීවිත මුල ඉඳන් අගටම analyze කරලා මේ බහුබූත click behaviours justify කරනවා...
මොකද ගොඩාක් මේ වගේ web sites වල referrals ලා කියලා ඉන්නේ ඇත්ත අය නෙමෙයි... Automated bots ලා...

ඉතින් මේ අය කියන්න උත්සාහ කරන්නේ ඒගොල්ලො එහෙම නැහැ කියලායි...

ඇත්තම කියනවනම් මටත් ඒ දවස් වල Admin තරම් තවත් පොරක් නැහැ ඉතින්...
මිනිහව ඇදහුවේ නැති ටික විතරයි...

ඒ උනාට ඒ referral click behaviours හොඳට analyze කරොත් තේරුම් ගන්න පුලුවන් මොකද්ද මේ බොරුව කියලා...

මුලින් ads 3 හෝ 4 click කරපු අයත් මාසයක් විතර යනකොට ජීවිතේට ads 2ට වඩා click කරන්නේ නැහැ...

මෙන්න බලන්න...














මේක තනිකරම predetermined විදියට තමයි සිද්ද වෙන්නේ...කොහෙත්ම natural human behaviour එකක් නෙමෙයි...

ඔන්න ඔය විදියට අපි සල්ලි ගෙවලා referrals rent කරාට ඒගොල්ලොන්ගෙන් සත පහක ආදායමක් ගන්න බැහැ...

ඒකේ තව ඉන්නවා යාවජීව සාමාජිකයෝ දෙතුන් දෙනෙක්...ඒ ගොල්ලො $ දහස් ගනනින් උපයපු අය...ඒ ගොල්ලො ඉතින් අලුත් අයට කියලා දෙනවා කොහොමද හිමින් හිමින් ඉස්සරහට යන්න ඕනි කියලා...

අනේ ඉතින් අලුත් කට්ටියත් අරගොල්ලොන්ගෙ ලොකු ලොකු ඉලක්කම් වලට වහ වැටිලා මාසෙකට $ 1000 ක් 2000 ක් හොයන්න හීන මවනවා...

මං දැකලා තියෙනවා ගොඩාක් members ලා ඉන්නවා අවුරුද්දකට වඩා ඉඳලත් සත පහක්වත් withdraw නොකරපු අය...ඒත් එගොල්ලොන්ගේ earnings $300 - 500 ක් විතර වෙනවා...
ඒ කියන්නේ හම්බ කරපු හැම සතේම referrals managing වලට විතරයි ගිහින් තියෙන්නේ...

ඒවා virtual money වගේ site එක ඇතුලෙම කැරකෙනවා...

Neobux වල මේ එළකිරි එකේ වගේම ෂෝයි forum එකකුත් තියෙනවානේ...Members ලව රවට්ටගෙන තියාගන්න ඒක මරුවට පාවිච්චි කරනවා...

හැබැයි මේ forum එකේ low click averages ගැන members ලා දාන threads ක්ෂණයකින් අතුරුදන් වෙනවා...ඇයි moderators ලා ඉන්නවනේ...

ඇයි තව කාලෙන් කාලෙට Admin ඇවිත් එක එක ජාතියේ offers promote කරනවා...
ඉතින් කාටද මේක එපා වෙන්නේ...?

මට අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි...
Neobux වල තනිකරම වංචාවක් තම්යි වෙන්නේ...

Yes they pay...!!!

ඒත් ඉතින් ඔයගොල්ලොන්ට ඔය හිතන තරම් ඉක්මනින්නම් ඒකෙන් සල්ලි හොයන්න බැහැ...
ඒ සඳහා වැය කරන කාලයට සාපේක්ෂව ලැබෙන ලාබය නොගිනිය හැකි තරම් කුඩායි...

ඒකෙ ඇත්තටම වෙන්නේ ප්‍රධාන members ලා ටිකක් වටේට අලුත් members ලව වටකරගෙන මාර තර්ක විතර්ක ටිකක් දාලා අපිට අපේ පාලනයෙන් තොර, ඒකෙ Admin ගෙ පාලනයට නතු robot ලා ටිකක් manage කරන හැටි උගන්නන එක...

ඒත් ඉතින් කොච්චර manage කරත් අන්තිමට එන outcome එක තීරණය කරන්නේ එයාලම තමයි...
අන්තිමට ලැබුන දෙයකුත් නැහැ...නිකන් කාලය නාස්ති වෙන එක විතරයි...
හැබැයි Neobux නම් පොහොසත් වෙනවා...

ඊට වඩා හොඳයි දන්න කෙනෙක්ගෙන් අහගෙන අර්ථවත් විදිහට online money හොයන එක...

මට මේක නිසා රු. 9000 ක් පාඩු උනා...මම අදටත් ඒ ගාන ණයයි...

පටන් ගන්නකොට මම කොහෙත්ම හිතුවෙ නැහැ මේක මේ වගේ ප්‍රෝඩාවක් කියලා...මොකද internet එකේ කොහේ search කරත් තියෙන්නෙ Neobux is the best කියලා...
ඒත් කරගෙන යනකොටයි තේරෙන්නේ ඇත්තටම මේකෙ මොකද වෙන්නෙ කියලා...

මම මේක ලිව්වෙ මම වගේ ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගෙන පටන් අරන් අන්තිමට අතින් පාඩු වෙලා අතහැරලා දාන්න වෙන කිහිප දෙනෙක් හරි බේරගන්නයි...

ඒත් සමහරු මාත් එක්ක එකඟ වෙන එකක් නැහැ...මොකද සමහර අය මේකෙන් සැලකිය යුතු ලාබයක් ලබනවා වෙන්න පුලුවන්...

ඒත් මතක තියාගන්න 95% රවට්ටලා තමයි ඉතුරු 5% ට Neobux ලාබ බෙදලා දෙන්නේ කියලා....
එහෙමත් නැත්තම්, ඒ 5% පෙන්නලා තමයි අනිත් 95% දෙනාව රවට්ටන්නේ...

හරියට Ponzi scheme එකක් වගේ...දන්නෙ නැත්තන් හොයලා බලන්න...
අහලා ඇතිනේ HYIP ගැන...???
මට ඒ ගැනත් දුක්බර අත්දැකීම් ටිකක් තියෙනවා...පුලුවන් වෙලාවක කියන්නම්...

මම කාටවත් කියන්නේ නැහැ Neobux protest කරන්න කියලා...
ඒත් ඒකෙ ඇත්ත තත්වය දැනගෙන ඉන්න එක වඩා හොඳයිනෙ නේද...

මම මේ කියපු සේරම 2010 january වෙනකොට මාස 4 ක් ඇතුලත මම තේරුම් ගත්ත දේවල්...අද වෙනකොට තත්වය සමහරවිට වෙනස් ඇති...මම ඒ ගැන වගකීමක් දරන්නේ නැහැ හොඳද...


ඔයගොල්ලො මේක බලලා කැමතිනම් කියන්න හොඳද...

හැමෝටම ජය වේවා...!!!


____________________________________________________________________________________
උපුටා ගැනීම = © RLR [ElaKiri Community]

Wednesday, July 21, 2010

කන තියෙන්නෙ පච්ච ගහන්නද ??

0 comments
කන තියෙන්නෙ පච්ච ගහන්නද ?? නැතන්ම් ශබ්දය අහන්නද ??































පිස්සු නැත්නම් සෝක්

1 comments
ඔන්න ඉතින් මම මේ පාර දාන්නෙ ටිකක් වෙනස් විදිහෙ පින්තූර ටිකක්











මේ විදිහට ඇගට එද්දි පින්තූරයක් ගන්න හිතුන එකත් ලොකු දෙයක්









































ගූග්ල් ලාගේ ලාංඡන ගැන විස්තර

1 comments
ඔන්න ඉතින් මේ පාර කවුරුත් දන්න ගූග්ල් ගැන පොඩි දෙයක් කියන්න හිතුන

ඔයාල ගූග්ල් පරිශීලකයො හැටියට දන්නව ඇතිනෙ ගූග්ල් කාලෙන් කාලෙට Logos මාරුකරනව කියල





ඉතින් ඔයාලට සමහර විට මේ Logos පස්සෙ කාලෙක උනත් බලාගන්න පුලුවන් වෙන විදිහට මේ Logos ගූග්ල් ලා මේව තැන්පත් කරල තියෙනව

පහල තියෙන සබැදිය මගින් ඔයාලට එම ස්ථානයට ගිහින් බලන්න පුලුවන්

ඔන්න ඉතින් මම එතනින් හොදයි කියල හිතුන ටිකක් මෙතනනට දැම්ම



Jul 11, 2010 World Cup Final - (Global)


Jul 07, 2010 Tanabata - Star Festival - (Japan)


Jul 04, 2010 Happy 4th of July and Happy Birthday Rube Goldberg! - (US)


Apr 01, 2010 April Fools! - (US)


Jun 06, 2009 Alexander Pushkin's Birthday - (Russia)


Feb 14, 2000 On February 14th, Google showed its affection with this logo and an applet created by Ken Perlin. - (Global)


Jan 01, 2005 Happy New Year - (Global)


Apr 15, 2005 Leonardo Da Vinci's Birthday - (Global)


Sep 27, 2005 Google's 7th Birthday - (Global)


Oct 31, 2005 Happy Halloween - (US)




මෙන්න මෙතනින් ඔක්කොම Logos ටික බලන්න