Friday, July 16, 2010

ගිනි හිවලාගෙන් බාන්බඩී ගහද්දි හිර වෙනවද ? මෙන්න උත්තරේ

4 comments
ගිනි හිවලාගෙන් බාන්බඩී ගහද්දි හිර වෙනවද ? මෙන්න උත්තරේ

මේ ප්‍රශ්නය ගොඩක් කට්ටියට තියෙනව කියලයි මම හිතන්නෙ

හැබයි ඉතින් මේක වලංගු වෙන්නෙ ඔය බාන්බඩී වත්තෙ ගොඩක් සත්තු හරි ගොඩක් අය්ටම්ස් තියෙද්දි තමයි



පොදුවේ මේ ප්‍රශ්නය එන්නෙ ෆ්ලැශ් අඩංගු සයිට් විවර කලාම තමයි

හැබැයි ඉතින් හොදටම හොද පරිගනකයකුයි , හොද ජන්ජාලයකුයි තියෙනව නම් මේක බල පාන්නෙ නෑ

හරි දැන් ඉතින් කතාවට බහිමුකො,

ගොඩක් අය කියන දෙයක් තමයි ගිනි හිවල රැම් එක කනවා කියල

හැබැයි ඉතින් ඒ කතාවෙත් වැරද්දක් නෑ,පහලින් දාල තියෙන පින්තුරේන් ඒක හිතා ගන්නකො

මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ හින්ද මාත් ටික කාලයක් බාන්බඩී ගහන එක නවත් වල හිටිය ඒ ඉන්න අතරේ තම්යි ඔපෙරා කියන බ්‍රව්සර් එක මතක් උනේ ඔන්න ඉතින් දඩි බිඩි ගාල ඔපෙරා එක බාගත්ත. ඉතින් එක ස්ථාපනය කරල විවර කලා ගිනිහිවලට වඩා ඉක්මනට විවර උනා ඔන්න ඉතින් ඊට පස්සෙ මුහුනු පොතට ලොග්වෙලා බාන්බඩී වලට ගියා ෂා......

නිවන් දැක්ක වගෙ අර ගිනිහිවලගෙ තිබ්බ ප්‍රෂ්න එකක්වත් නෑ හොදට වැඩ කරනව,අනිත් එක යූ ටියුබ් එකෙන් ටැබ් හතරක් පහක් විවර කලත් අව්ලක් නැතුව වැඩ

තව පහසුකම් ගොඩක් තියෙනව

1.ඔපෙරා සංගමේ රෙජිස්ටර් උනාම Free File Sharing , Photo Sharing වගෙ තව ගොඩක් පහසුකම් තියෙනව

2. ඔපෙරා වල පොප් අප් බ්ලොකර් එකත් සෑහෙන්න හොදයි

3.ටිකක් දිග සයිට් එකක පහලට යද්දි Smooth විදිහට යනව

4.අපි දන් මොකක් හරි සයිට් එකකට ගිහින් ආපස්සට යද්දි ගිනිහිවලගෙ නම් කලින් තිබ්බ සයිට් එක ආයෙත් ලෝඩ් වෙනව හැබයි ඔපෙරා වල වෙන්නෙ පලවෙනි පාර සයිට් එක ලෝඩ් වෙද්දි එක ටෙම්පරි තැම්පත් කරගන්නව ඊට පස්සෙ අපි ආයෙත් ආපස්ස්ට ආවට ඒ සයිට් එක අයෙත් ලෝඩ් වෙන්නෙ නෑ අර තැම්පත් කරගත්ත එක තමයි එන්නෙ

ඔන්න ඔය වගෙ පහසුකම් ගොඩක් තියෙනව

ඔයාලටත් ඔය ප්‍රෂ්නෙ තියෙනවනම් ට්‍රය් කරල බලන්න

හැබයි ඉතිං ඔපෙරා හොදයි කියල ගිනිහිවල අයින් කරන්න නම් එපා මොකද ගිනිහිවලගෙ තරම් වැඩ කෑලී ගොඩක් ඔපෙරා වල නෑ


_______________මේ පින්තුරය ගනිද්දි දෙකේම ෆ්ලෑෂ් බාවිතා උනා__________________

ඔපෙරා සහ ගිනිහිවලගෙ වැඩ



ඔපෙරා සහ ගිනිහිවලගෙ වැඩ



ඔපෙරා බාගන්න

4 comments:

Post a Comment