Monday, August 30, 2010

මුහුනුපොතේ අයිති කාරයොයි පොතේ පිටු ගානයි

5 comments
මම අද මේක කියන්න යන්නේ නිකන් ඉන්න බැරුවට ඔයාල දන්නවද මුහුනු පොතේ පලමුවෙනි පරිශීලකයෝ කවුද කියල

මේක මටත් හම්බ උනේ අහම්බෙන් වගේ මේ ලගදි දවසක් මුහුනු පොතේ ඔහේ සැරිසර සැර ඉදිද්දි කාගේද මංද ගිනුමක් හම්බ උනා ඒකට මූහු පොතේ පරිශීලක නාමයක් වත් යොදා නෑ ඒක තිබ්බෙ මෙන්න මෙහෙම



ඉතින් මට හිතුන නිකමට වගේ ප්‍රොෆයිල් අයිඩී 1 කාගෙද කියල හොයල බලන්න ඉතින් මම ඔය නම්බර් එක මකල 1 ටයිප් කරල එන්ටර් කලා.






http://www.facebook.com/profile.php?id=1




මදැයි කොලා




මෙන්න මෙහෙම කියනවඒ පාර එතකොට තමයි මට මතක් උනේ අපි උනත් ඔය මොකක් හරි ජිල් බෝලයක් හැදුවම ඒක වැඩ කරනවද කියල බලන්න ඉතින් ඕකෙ පොඩ්ඩක් වැඩ කරල බලනවනෙ මටත් ඉතින් හිතුන මේකත් එහෙම හදල දැන් අයින් කරල ඇති කියල

ඉතින් මම පිලිවෙලින් 1 , 2 , 3 , දාගෙන ආව මොන වදයක්ද මේකේ එකක් වත් වැඩ කරනෙ නෑ කියල ඉවර වෙලා 2000 ටයිප් කලා අම්මෝ මෙන්න අලියෙක් උඩ පනින එකක් තියෙනවා හික්ස්











ඉතින් ඔන්න ආයෙත් පටන් ගත්තා වැඩේ ටයිප්  කලා 4

ෂා මෙන්න ඉන්නව කවුරුත් දන්න කියන මාර්ක් අයියා එයානේ ඔය මුහුනු පොත ලියල තියෙන්නෙ




එයා ගැන විකිපීඩියා වලින් බලන්න

ඊට පස්සේ ඉතින් 5 , 6 , 7 දිගටම ඉන්නෙ මුහුනුපොතේ සාඩම්බර කොටස් කරුවො තමයි හැබැයි ඉතිං 8 , 9 ගැනනම් මම දන්නෙ නෑ මොකද ඒවත් වැඩ කරන්නෙ නෑ :)

ඉතින් ඔයාලටත් ඔනේ නම් නිකමට වගේ ඔය වැඩ කරුවො ටික බලාගන්න එතන ඉදන් ඉස්සරහට අංක දදා බලන්න ඉතිරි කට්ටියත් බලාගන්න පුලුවන්



ඉතින් හිතා ගන්නකෝ මුහුනුපොතේ පිටු කීයක් අරන් තියෙනවද කියල.


දැන් මේක කියෙව්ව වගේ ඔය උඩ තියෙන පටියෙන් මුහුනු පොතට ශෙයාර් පාරක් දැම්මොත් , පහල තියෙන සුදු කොටුවේ මේක ගැන හිතෙන දේවල් කියල ගියොත් මාර්ක් අයියා උනත් කැමති වෙයි !

Saturday, August 21, 2010

ජංජාල ගතවෙන්න තියෙන අමාරුවක් !

3 comments

ඔන්න ඉතින් කරුමෙක මහත මගේ කරුම ලිස්ට් එක අයෙත් ඇවිස්සිල වගේ ඉවරයක් නෑ 

මේ පාර අපේ බෝඩිමේ අපි හිටිය උඩ තට්ටුවෙ ඉතිරි ටික හදන්න තියෙනව කියල අපිට යන්න කිව්ව පහල තියෙන කාමරෙකට යන්න කියල, ඔන්න ඔහෙ ඉතින් කට්ටියම ලොක්කො වගේ ගියා කියමුකො දැන් මගේ HSDPA මොඩම් එක සවිකරල සුපිරි ජාලයට එන්න බලද්දි සිග්නල් ටික පිස්සු කෙලිනවා ( සිග්නල් නැතුව ක්ලෝගාඩ් දාන්නත් බෑනේ ) තියෙන්නෙත් සිග්නල් ඉරිකෑලි දෙකයි , මේක නම් හොදටම මදි ٩(๏̯͡๏)۶

එතකොට කනාවට වගේ එකපාරක් ඔබේබටේ ( YouTube ) වලදි දැකපු වීඩියෝ පටයක් මතක් උනා ශේප් එකේ පොඩ්ඩක් වට පිට බලද්දි ඒකට උවමනා කරන බාන්ඩයක් තියෙනව එකත් ලගට අරගෙන මතක තිබ්බ විදිහට කලා.

ගින්දර වගේ එලටම වැඩ අම්මෝ හොද වෙලාවට මෙක හරිගියෙ නතන්ම් ඉතින් මොනවයින් මොනවවෙයිද දන්නෙ නෑ

ඒ වීඩියෝ එක තිබ්බ තැන මාත් තාම හොයනව හම්බුනොත් දාන්නම්

  
ඔන්න ඉතින් දැන් මෙහෙම තමයි මම ජංජාලෙ සැරිසරන්නෙ  


Thursday, August 19, 2010

පීට්සා පිස්සුවට බේත් ගත්ත හැටි

0 comments

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක ( ඒ කියනෙ දැනට දවස් දෙකකට විතර කලින් ) මට පීට්සා කන්න පිස්සුවක් හැදුනා

ඕක ඉතින් මම කිව්වා මගේ බෝඩිමේ ඉන්න මිතුරෙකුට , කොහොම හරි මූ කිව්ව පීට්ස එක ගන්න පඩි ගංනකන් ඉන්න වෙනව කියල ඒත් මගෙ හිතට අවුල් ඊට පස්සෙ මම ඔය අයිඩියා එක කිව්ව තව යාලුවො ටිකකට, මෙන්න බොලෙ දවස් දෙකකට විතර පස්සෙ මට කෝල් එකක් අරං කියනව මචන් පොඩි පාටියක් වරෙන් කියල,

ඒ වෙලවෙ නම් හිටියෙත් නිදිමතේ ඔන්න ඔහෙ ඔනේ මගුල් ගෙයක් කියල මාත් ගියා

බලද්දි කට්ටිය පීට්සා කන්න කතාකරල තියෙන්නෙ, ඊට පස්සෙ ඉති ඔන්න ඔහෙ කියල කෑව පීට්සා කෑල්ලක්.

දැන් ඉතින් මේක කෑවට මොකද මගෙ ලෙඩේ තව ටිකක් වැඩි උනා වගේ කොහොම හරි බෝඩිමට ඇවිල්ලත් නිකන් කට ඇවිස්සිලා වගේ කොහොම හරි මගෙ අර යාලුවටත් සෑහෙන්න වෙලා කියල අන්තිමට කිව්ව එහෙනම් පීට්සා එකක් ගේමු කියල කොහොම හරි ඉතින් ගනන් බලද්දි පීට්සත් එපා වෙනව දැන් ලෙඩේ හොද කරන්නත් එපැයි එක හින්ද ඉතින් අන්තිමට පීට්සා හට් එකෙන් Devilled Chicken Pizza වල පොඩිම එක ගෙනාව

ගෙනල්ල කන්න කලින් ආයෙත් ඉතින් කාලෙකට කන්නෙ නැති හින්ද ජායාරූප ටිකක් ගත්තා, ඒ ටික දකිද්දි බ්ලොග් එකට දාන්න හිතුන එක හින්ද දැම්ම







Monday, August 9, 2010

උපන්දිනය නිර්වචනය කරන්න.

0 comments
  මේක මට ඊ-තැපෑලෙන් ලැබුනේ දන්නවනම් උත්තර දෙන්න. 






ප්‍රශ්ණය-

උපන්දිනය නිර්වචනය කරන්න.....



පිලිතුර-  ??

දන්නවනම් කියන්න. 
 

Sunday, August 8, 2010

ඇදන් ඉදිද්දි ඇදුම් මහන ( මොඩ් ) කරන හැටි

2 comments
ඇදන් ඉදිද්දි ඇදුම් මහනව දැකල තියෙනවද ?

දැකල නැත්නම් මේක බලන්න

අපෝ ලැජ්ජාවේ බෑ කියල නම් කියන එපා මේක තමයි හැකියාව කියන්නෙ , ඕනේ කරන්නෙ කතුර විතරයි







සිංහල ස්කයිප් අතුරුමුහුනත

8 comments


ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් ආව බ්ලොග් එක පැත්තෙ ( ටික දවසක් කිව්වට සතියක් විතර වෙනව )

හැබයි ඉතින් ඔන්න මම මේ පාර ආවේ බ්ලොග් එකට අලුත් ඇදුමකුත් අරගෙනම තමයි කාලින් දාල තිබුනු එකට ඔය හැමතනම තියෙන ජාව ස්ක්‍රිප්ට් දැම්ම ලස්සන වෙන්න කියල අපෝ මටම එපා වෙන තරම් ස්ලොව්

ඔන්න ඉතින් එක හින්ද අලුත් අදුමකුත් එක්ක ආව
( විකාර ටික නවත්තල වැඩේට බහිමුකො )

ඔන්න ඉතින් මට පහුගිය දවස් වල එන්න බැරිවුන එකට හේතු කාරනයක් මම දැන් කියන්න යන්නෙ


ඒ තමයි සිංහල ස්කයිප් අතුරුමුහුනත ( අර සින්හල ගිනිහිවලා වගේ )

මේක ඉතින් කරනවයි කියල අමාරු දෙයකුත් නෙමේ ලේසි දෙයකුත් නෙමෙයි


දැන් වෙද්දි නම් ටිකක් විතර වැඩ ඉවරයි

අත්හදා බැලීමේ එකක් නම් ලාවට වගේ දෙන්න පුලුවන්


මේ තියෙන්න එකේ ගත්ත ඡායාරූප වගයක්










ඔය යට තියෙන සුදු පාට කොටුව තියෙන්නේ ඔයාලගෙ අදහස් කියල යන්න. :P

Monday, July 26, 2010

ගුරුතුමානෙනි ඔබට නිවන් සුව

0 comments
අප අතරින් වෙන්වූ කුමුදු පින්ටො ගුරුතුමාට උපහාරයක් වේවා





දයාබර ගුරු පියානෙනි

ඔබතුමා විසින් අපට පංති කාමරය තුලදී විෂය කරුනු වලට අමතරව අපගේ ජීවිතය ගැන සහ අනන්තවත් මාතෘකා යටතේ අපිට දැනුම ලබා දුන්නා

ඒ වගේම ඔබතුමා කියපු ඇතැම් බලවේග ගැන කතාවල ඇත්ත නැත්ත මමත් අත්විදල තියෙනව,

මේකත් ටිකක් ඒ වගෙ දෙයක් ඔබ තුමා මිනී මල් ගැන ලිපියක් ලියල සදහටම අප අතරින් වෙන් උනා


 


ඔබ තුමාගෙන් කෙටි කාලයකට හෝ ඉගෙන ගැනීමට තරම් අප වාසනාවන්ත උනා , මගෙ අවුරුදු 18 ක ජීවිතයේ මම දැකපු දක්ෂම වගේම සාර්තකම ගුරුවරයත් ඔබ .( මේක අතිශයෝක්තියක් කියල හිතන්න එපා )

ඔබ තුමා අප අතරින් වෙන් උනත් ඔබගේ මතකයන් හැමදාම අප අතර රැදී තියෙනව.

ඔබ තුමා අවසානයටම උගන්වනු ලැබු ඕපන් ආර්ක් හි BIT සිසුකැල වෙනුවෙන් ඔබ තුමාට නිවන්සුව පතමු