Thursday, August 19, 2010

පීට්සා පිස්සුවට බේත් ගත්ත හැටි

0 comments

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක ( ඒ කියනෙ දැනට දවස් දෙකකට විතර කලින් ) මට පීට්සා කන්න පිස්සුවක් හැදුනා

ඕක ඉතින් මම කිව්වා මගේ බෝඩිමේ ඉන්න මිතුරෙකුට , කොහොම හරි මූ කිව්ව පීට්ස එක ගන්න පඩි ගංනකන් ඉන්න වෙනව කියල ඒත් මගෙ හිතට අවුල් ඊට පස්සෙ මම ඔය අයිඩියා එක කිව්ව තව යාලුවො ටිකකට, මෙන්න බොලෙ දවස් දෙකකට විතර පස්සෙ මට කෝල් එකක් අරං කියනව මචන් පොඩි පාටියක් වරෙන් කියල,

ඒ වෙලවෙ නම් හිටියෙත් නිදිමතේ ඔන්න ඔහෙ ඔනේ මගුල් ගෙයක් කියල මාත් ගියා

බලද්දි කට්ටිය පීට්සා කන්න කතාකරල තියෙන්නෙ, ඊට පස්සෙ ඉති ඔන්න ඔහෙ කියල කෑව පීට්සා කෑල්ලක්.

දැන් ඉතින් මේක කෑවට මොකද මගෙ ලෙඩේ තව ටිකක් වැඩි උනා වගේ කොහොම හරි බෝඩිමට ඇවිල්ලත් නිකන් කට ඇවිස්සිලා වගේ කොහොම හරි මගෙ අර යාලුවටත් සෑහෙන්න වෙලා කියල අන්තිමට කිව්ව එහෙනම් පීට්සා එකක් ගේමු කියල කොහොම හරි ඉතින් ගනන් බලද්දි පීට්සත් එපා වෙනව දැන් ලෙඩේ හොද කරන්නත් එපැයි එක හින්ද ඉතින් අන්තිමට පීට්සා හට් එකෙන් Devilled Chicken Pizza වල පොඩිම එක ගෙනාව

ගෙනල්ල කන්න කලින් ආයෙත් ඉතින් කාලෙකට කන්නෙ නැති හින්ද ජායාරූප ටිකක් ගත්තා, ඒ ටික දකිද්දි බ්ලොග් එකට දාන්න හිතුන එක හින්ද දැම්ම







0 comments:

Post a Comment