Monday, August 30, 2010

මුහුනුපොතේ අයිති කාරයොයි පොතේ පිටු ගානයි

5 comments
මම අද මේක කියන්න යන්නේ නිකන් ඉන්න බැරුවට ඔයාල දන්නවද මුහුනු පොතේ පලමුවෙනි පරිශීලකයෝ කවුද කියල

මේක මටත් හම්බ උනේ අහම්බෙන් වගේ මේ ලගදි දවසක් මුහුනු පොතේ ඔහේ සැරිසර සැර ඉදිද්දි කාගේද මංද ගිනුමක් හම්බ උනා ඒකට මූහු පොතේ පරිශීලක නාමයක් වත් යොදා නෑ ඒක තිබ්බෙ මෙන්න මෙහෙම



ඉතින් මට හිතුන නිකමට වගේ ප්‍රොෆයිල් අයිඩී 1 කාගෙද කියල හොයල බලන්න ඉතින් මම ඔය නම්බර් එක මකල 1 ටයිප් කරල එන්ටර් කලා.






http://www.facebook.com/profile.php?id=1




මදැයි කොලා




මෙන්න මෙහෙම කියනවඒ පාර එතකොට තමයි මට මතක් උනේ අපි උනත් ඔය මොකක් හරි ජිල් බෝලයක් හැදුවම ඒක වැඩ කරනවද කියල බලන්න ඉතින් ඕකෙ පොඩ්ඩක් වැඩ කරල බලනවනෙ මටත් ඉතින් හිතුන මේකත් එහෙම හදල දැන් අයින් කරල ඇති කියල

ඉතින් මම පිලිවෙලින් 1 , 2 , 3 , දාගෙන ආව මොන වදයක්ද මේකේ එකක් වත් වැඩ කරනෙ නෑ කියල ඉවර වෙලා 2000 ටයිප් කලා අම්මෝ මෙන්න අලියෙක් උඩ පනින එකක් තියෙනවා හික්ස්











ඉතින් ඔන්න ආයෙත් පටන් ගත්තා වැඩේ ටයිප්  කලා 4

ෂා මෙන්න ඉන්නව කවුරුත් දන්න කියන මාර්ක් අයියා එයානේ ඔය මුහුනු පොත ලියල තියෙන්නෙ




එයා ගැන විකිපීඩියා වලින් බලන්න

ඊට පස්සේ ඉතින් 5 , 6 , 7 දිගටම ඉන්නෙ මුහුනුපොතේ සාඩම්බර කොටස් කරුවො තමයි හැබැයි ඉතිං 8 , 9 ගැනනම් මම දන්නෙ නෑ මොකද ඒවත් වැඩ කරන්නෙ නෑ :)

ඉතින් ඔයාලටත් ඔනේ නම් නිකමට වගේ ඔය වැඩ කරුවො ටික බලාගන්න එතන ඉදන් ඉස්සරහට අංක දදා බලන්න ඉතිරි කට්ටියත් බලාගන්න පුලුවන්



ඉතින් හිතා ගන්නකෝ මුහුනුපොතේ පිටු කීයක් අරන් තියෙනවද කියල.


දැන් මේක කියෙව්ව වගේ ඔය උඩ තියෙන පටියෙන් මුහුනු පොතට ශෙයාර් පාරක් දැම්මොත් , පහල තියෙන සුදු කොටුවේ මේක ගැන හිතෙන දේවල් කියල ගියොත් මාර්ක් අයියා උනත් කැමති වෙයි !

5 comments:

Post a Comment